ඉන්ධන හිඟය සහ ජලාශවල ජල මට්ටම අඩුවීම හේතුවෙන් දිනකට පැය හතරක විදුලිය විසන්ධි කිරීමට සූදානම් වන ලෙස ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අනතුරු අඟවයි.

ලංකා විදුලි බල මණ්ඩලය සතුව ඇත්තේ දින දෙක තුනකට පවතින ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් පමණක් බවත් සදහන් කරයි.

ඒ් අනුව දින තුනකට පසු විදුලිබල මණ්ඩලයට විදුලිය විසන්ධි කර ඉල්ලුම අඩු කිරීමට සිදු වනු ඇති බවත් ඒය සිදු නොකරන්නේ නම් විදුලිබල පද්ධතියේ සමබරතාවය පවත්වා ගැනීමට නොහැකි වනු ඇති බවත් හෙතෙම කියා සිටී.

අනුමත බලාගාර ඉදිකිරීමේ ප්‍රමාදයන් සහ නව විදුලි උත්පාදන ව්‍යාපෘති අවලංගු වීම හේතුවෙන් බිඳවැටීම්වලදී විදුලිය සැපයිය හැකි විකල්ප බලාගාර රට තුළ නොමැති බවත් සංගමය තව දුරටත් පෙන්වා දෙයි.

Similar Posts