Tea labour jobs Tea labour pdf tea plantation workers in sri lanka living conditions of tea plantation workers tea plantation workers problems estate workers in sri lanka tea pluckers in sri lanka story of estate labour in sri lanka

මෙවර අයවැය තුලින් වතු කම්කරුවන්ගේ වැටුප් පිළිබඳව දියාරු පිළිවෙතක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.
ඒ මහතාගේ හැටන් කාර්යාලයේදී මාධ්‍ය වෙත මේ බව පැවසූ ඉලංගෝ ගාන්ධි මහතා එහිදී වැඩි දුරටත් මෙසේද පවසා ඇත.

පසුගිය ජනාධිපති මැතිවරණ සමයේදී හා පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී ජාතික ජනබල වේගයේ පිරිස් වේදිකා දෙවනත් කරමින් පැවසුවේ, වතු කම්කරුවන්ට ලැබෙන දෛනික වැටුප් මදි බවත්, එම දෛනික වැටුප් රුපියල් දෙදහස දක්වා වැඩි කිරීමට තමන් පියවර ගන්නා බවත්ය.
එසේ වේදිකා දෙවනත් කරමින් අදහස්වලට රැවටුණු වතු කම්කරුවන් බොහෝ පිරිසක් එම මැතිවරණවලදී ජාතික ජනබල වේගයට ඡන්දය ලබා දී ඔවුන් දිනවීමට පියවර ගත්තද, ජාතික ජනබල වේගයේ ප්‍රථම අයවැය තුලින් මේ වතු කම්කරු ජනතාවට නිසි සහනයක් ලබා නොදීම කනගාටුවට කරුණක්.

රුපියල් දෙදහස දක්වා වැටුප් වැඩි කළ යුතු බව පැවසූ මේ රජය, තම අයවැය තුලින් මේ වතු කම්කරුවන්ට රුපියල් 1700ක වැටුප් වැඩිවීමක් ගැන සදහන් කළද, මේ වන තෙක් වතු සමාගම් එයට නිසි ප්‍රතිචාරයක් දක්වා නැත. එම තත්වයන් මත, එම වැටුප් මේ වතු කම්කරුවන්ට කවදා ලැබෙයිද, නොලැබෙයිද කියා දන්නේත් නැත.

මෙවරත් සිදු වූයේ මේ රටේ ආර්ථිකයට දැඩි දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන් රැවටීමකට ලක් වීමක් විතරයි. මේ රටේ ආර්ථිකයට දැඩි දායකත්වයක් ලබා දෙන මේ වතු කම්කරුවන්, මේ වන විට දැඩි දුෂ්කරතාවයන්ට ලක් වෙමින් ඉන්නේ එම දුෂ්කරතා මධ්‍යයේ මේ වතු කම්කරුවන් හැමදාම රැවටීමට ලක්වීම දැඩි කනගාටුවක්.
අපි මේ රජයෙන් ඉල්ලන්නේ, පසුගිය මැතිවරණවලදී පැවසූ පරිදි, මේ වතු කම්කරුවන්ගේ ජීවිත නැගී සිටුවීමට ඔවුන්ගේ දෛනික වැටුප් වැඩි කර දීමට අවශ්‍ය කටයුතු කරන ලෙසයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories