මිහින්තලය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටි මහජන පොල මාවතේ ඉදිකර තිබෙන අනවසර වෙළදසැල් (පෙට්ටි කඩ) පහක බ්ම් කොටස් රුපියල් ලක්ෂ තුන බැගින් ගෙවා මිලදි ගන්නා ලෙස මිහින්තලය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දෙපළක් දැනුම්දී තිබෙනා බව නගරයේ වෙළෙන්දන් පිරිසක් අනාවරණය කළහ.

දිගු කාලයක් තිස්සේ අදාල ස්ථානවල වෙළදාම් කළ තමන්ට ස්ථිරවම එම ස්ථානයන් ලබාදෙන බව පවසමින් මන්ත්‍රී දෙපළ එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ තුන බැගින් ඉල්ලු බවත් එසේ එම ස්ථානයන්ට මුදල් ගෙවීමට අපොහොසත් පිරිස පන්නා දමා වෙනත් පිරිසකට බිම අලවිකර වෙළදාම් කිරීමට අවස්ථාව දෙන බවට ඔවුන් පැවසු බව වෙළෙන්දෙකු පැවසුවේය.

මේවනවිට පෙට්ටිකඩ වල වෙළදාම් නොකරන පිරිස මන්ත්‍රීවරුන්ට මුදල් ගෙවා එම ස්ථාන මිලදි ගෙන ස්ථිර වෙළදසැල් ඉදිකිරිමේ බලාපොරොත්තුවෙන් සිටිනා අතර එම කටයුත්ත සම්පූර්ණයෙන්ම නීතිවිරෝධි ක්‍රියාවක් බව නගරයේ වෙළෙන්දන් පිරිසක් අනාවරණය කළහ.

මන්ත්‍රීවරුන් කොහොමද මේ ස්ථාන අලවිකරන්නේ.මේ ස්ථාන කිසිම කෙනෙකුට අවශ්‍ය විදියට විකුණ ගෙන කන්න දෙන්න බෑ.මේ මහ මාර් ගවල රක්ෂිත කොටස්.මේ විදියට ගියොත් මේ මන්ත්‍රී නඩය මුළු මිහින්තලය නගරයම ඉදිරි ඡන්දෙට ඉස්සෙල්ලා විකුණයිනේ.

මේ සම්බන්ධයෙන් මිහින්තලය ප්‍රදේශිය සභාවේ උප සභාපති ඊ.එම්.ලලිත එදිරිසිංහ මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඔහු කියා සිටියේ ප්‍රාදේශිය සභාව එම ඉඩම් විකිනීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.එම ඉඩම් ඔවුන්ට අවශ්‍ය විදියට විකුණන්න ඒවා දෙමාපියන්ගේ බූදල් නොවන බව ඒ මහතා පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories