Mesothelioma attorney specialized Best-structured settlement annuity companies Purchase structured settlements

මේ මස 26වන දිනට යෙදි ඇති මහා ශිව රාත්‍රි උත්සවයේ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන ශිව රාත්‍රි පුජාව බුද්ධ සාසන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමති ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය ගයාත්‍රි දේවස්ථානයේදි පැවැත්විමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

මේ පිලිබදව එම මාධ්‍ය ඒකකය නිවෙදනයක් නිකුත් කරමින් වැඩි දුරටත් සදහන් කරනුයේමාතෟ භුමියේ සෞභාග්‍ය උදෙසා ශ්‍රිලංකා ජනරජයටත්, සියලු රට වැසියන්ටත් සෙත් පතා පැවැත්වෙන මෙම ශිව රාත්‍රි පුජාව 26වන දින සවස 6.00 සිට 27වන දින උදැසන දක්වා පැවැත්විමට පියවර ගෙන ඇති බවත්.

ශ්‍රි ලංකාධිෂ්වර දේවස්ථානය, ශ්‍රි ශක්ති ආධ්‍යාත්මික පදනම, බුද්ධ සාසන, හා සංස්කෘතික කටයුතු අමත්‍යිාංශයේ හිංදු කටයුතු දෙපාර්ථමේන්තුව, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, නුවරඑළිය මහ නගර සභාව ඇතුළු රාජ්‍ය හා පුද්ගලික ආයතන එක්ව මෙය සංවිධානය කර ඇති බවද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් කර ඇත.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories