gampaha-corona

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 234 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගනන 4996 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

පසු ගිය දිනවල ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂාවල වාර්ථා 06වන දින පෙරවරු 9.30ට පමන ලැබුන අවස්ථාවේ මෙම අලුත් ආසාදිතයන් හමුව ඇති බවත් මෙයින් වැඩිම ආසාදිතයන් ප්‍රමානයක් කොටගල, මස්කෙළිය, බගවන්තලාව, අඹගමුව, ලිදුල, වැනි සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලට අයතු වතු ආශ්‍රිත ප්‍රදේශවලින් වාර්ථාවි ඇති බවද එම නිලධාරියා පවසන ලදි.

මෙම ආසාදිතයන් 4996 දෙනාගෙන් ආසාදිතයන් 3418 දෙනකුම සිංහල හිංදු අලුත් අවුරුද්දෙන් පසුව කොවිඩ් තුන්වන රැල්ලෙන් හමුව ඇති බවද මෙසේ අලුතින් හදුනා ගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් විශාල පිරිසක් එම ප්‍රදේ‍්ශවල සිටිය හැකි බවත් එම ආශ්‍රිතයන් සොයා එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිත මරණ 71ක් වාර්ථාවි ඇති බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ ෆොරස්ට් වික් වතුයායේ එකම පවුලේ 08 දෙනකු ඇතුළු එම බල ප්‍රදේශයේ 18 දෙනකු කොවිඩ් 19 ආසාදිතයන් බවට අලුතින් හදුනාගෙන ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ කොටගල ෆොරස්ට්වික් වතුයායේ කාන්තාවක් කොවිඩ් ආසාදනය විමෙන් මිය ගිය බවත් එම අයවගේ පවුලේ අය පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසු 05වන දින සවස ලැබුන පි. සි. ආර්. වාර්ථා මත මිය ගිය අයගේ පවුලේ 08 දෙනාම කොවිඩ් ආසාදිතයන් ලෙසට තහවුරුවි ඇති බවත්ය.

එමෙන්ම මෙම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ ග්‍රේස්ට් වෙස්ටන් වතුයායෙන් ආසාදිතයන් 06 දෙනකු, තලවාකැලේ නගරයෙන් ආසාදිතයන් 03, ආගිල් ප්‍රදේශයෙන් ආසාදිතයන් 01ක් වශයෙන් හමුව ඇති බවද එම නිලධාරියා පවසන ලදි.

මෙසේ අලුතින් හමුවු ආසාදිතයන්කොවිඩ් ප්‍රථිකාර ම‍්ධ්‍යසුථාන වෙත රැගෙන යාමට පියවර ගන්නා බවත් අලුතින් හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

ගිනිගත්හේන මෝරහේන ගම  පුද්ගලික ඇගලුම් කම්හලේ තවත් සේවිකාවන් 40 දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හදුනා ගැනිමත් සමග එම ආසාදිතයක්ගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගෙන ඇති 134 දෙනකු  ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගෙන ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මෙම ඇගලුම් කම්හලින් කොවිඩ් ආසාදිතයන් හමුවිමත් සමග එම ඇගලුම් කම්හල වසා දැමිමට උපදෙස් ලබාදි එහි සේවිකාවන් පිරිසක් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසු මෙම ආසාදිතයන් අලුතින් හදුනා ගත් බව එම නිලධාරියා පවසන ලදි.

එසේ හදුනා ගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගෙන ස්වයං නිරෝධානයට ලක් කර ඇති ආශ්‍රිතයන් 134 දෙනාද පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

දික්ඔය හා පැන්මුර් වතු දෙක තුලින් කොවිඩ් ආසාදිතයන් 44 දෙනකු 05වන දින සවස් වන විට අලුතින් හදුනාගෙන ඇති බව දික්ඔය සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි.

පසු ගිය දිනවල මෙම වතු දෙකින් හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙ දික්ඔය වතුයායෙන් හදුනා ගත් ආශ්‍රිතයන් 49 දෙනකු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසු ආසාදිතයන් 13 දෙනකුද පැන්මුර් වතුයායේ හදුනා ගත් ආශ්‍රිතයන් 52 පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් ආසාදිතයන් 31 දෙනකු හදුනා ගත් බවද එම නිලධාරියා පවසන ලදි.

මෙසේ අලුතින් හදුනා ගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා පරික්ෂන ආරම්භ කර ඇති බවත් එසේ සොයා ගන්නා ආශ්‍රිතයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් එම නිලධාරියා පවසන ලදි.

මේ වන විට වතුකරය තුලින් කොවිඩ් ආසාදිතයන් හමුවිමේ වර්ධනයක් පෙන්නුම් කරන බවත් මෙය කඩිනමින් පාලනය කර ගැනිමට නොහැකි වුවත් කොවිඩ් වසංගතය වතුකරය පුරා පැතිරයාමේ දැඩි අවදානමක් පවතින බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts