gampaha-corona

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් ආසාදිතයන් 108 දෙනු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 8739 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිසද්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය බල ප්‍රදේශවන අඹගමුව 11ක්, බගවන්තලාව 05ක්, හගුරන්කෙත 05ක්, කොටගල 08ක්, කොත්මලේ 03ක්, ලිදුල 12ක්, මස්කෙළිය 31ක්, මතුරට 11ක්, නුවරඑළිය 14ක්, රාගල 04ක්, වලපනේ 04ක්,වශයෙන් මෙම නව ආසාදිතයන් හමුව ඇති බවත්ය.

මෙසේ හමුවු ආසාදිතයන් කොවිඩ් ප්‍රථිකාර සදහා යෙදවිමට කටයුතු කරන බවත් මෙම නව ආසාදිතයන්ගේ ආ‍ශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානය ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට යොමු කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts