කිලිනොච්චිය ධර්මපුරම් මහා විද්‍යාලයේ ස්ථාපිත කොට තිබු විභාග මධ්‍යස්ථානය ඊයේ (05) සවස සිට ජලයෙන් යට වීම නිසා අද (06) උදෑසන විභාග සිසුවියන් හමුදා බෝට්ටුවකින් ගෙන යාමට සිදු වු බව  කිලිනොච්චිය යුද හමුදා නිලධාරීන් පවසයි.

විභාග මධස්ථානයේ මේස හා පුටු තිබු පහළ මාලය ජල ගැලී‍ම් හේතුවෙන් ජලයෙන් යටවී ඇති  අතරහමුදා නිලධාරින් මැදිහත් වී ඒ්වා ඉහළ මාලයක් වෙත ගෙනගොස් විභාග මධ්‍යස්ථානය ඉහළ මාලයක ශාලාවක සකස් කර දී තිබේ.

මේ අතර පවතින අයහපත් කාළගුණ තත්වය හමුවේ කිලිනොච්චිය හින්දු විද්‍යාලයේ ස්ථාපිත කොට තිබු විභාග මධ්‍යස්ථානය ද අද උදෑසන ජලයෙන් යට වී තිබුණි.

විභාගයට පෙනී සිටින දරුවන් ට්‍රැක්ටර් රථ යොදාගෙන විභාග ශාලව වෙත රැගෙන ගිය අතර  දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් අවට රැදී සිටින අයුරු දක්නට ලැබුණි.

කිලි‍නොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජි.වි.රවිප්‍රිය මහතාගේ උපදෙස් මත කිලිනොච්චිය යුද හමුදා නිලධාරීන් සහන සේවා සපයමින් සිටිති.

Similar Posts