school2

ලබන වසරේ ජනවාරි මස 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයත්, පෙබරවාරි මාසයේ උසස් පෙළ විභාගයත්, මැයි 23 වැනි දා සිට සාමාන්‍ය පෙළ විභාගයත් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකාවේ නීතිය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු අනුකාරක සභාව විසින් පත් කළ තාක්ෂණික කමිටු වාර්තාව ද කාරක සභාවේ අනුමැතියට ඉදිරිපත් කරනු ලැබූවා.

එමඟින් යෝජනා කර ඇත්තේ, දැනට අනිවාර්ය විෂයක්ව පවතින පුරවැසි අධ්‍යාපන විෂය මෙම ප්‍රතිසංස්කරණවලින් පසු ව නීතිය හා පුරවැසි අධ්‍යාපනය ලෙස වෙනස් කිරීමටයි.

Similar Posts