මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 4987කදී දෙසැම්බර් 02 දා සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර විභාගය සඳහා අයඳුම්කරුවන් 717,008 දෙනෙකු පෙනී සිටිමට නියමිත අතර ඉන් 433,050 දෙනෙකු පාසල් අයදුම්කරුවන් බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පවසයි.

ඒමෙන්ම මෙවර විභාග  සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන කිහිපයක් පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. විභාගය සඳහා අයදුම්කර ඇති බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් රත්මලාන, තංගල්ල, මාතර, හලාවත සහ කොළඹ මැගසින් යන බන්ධනාගාරවල විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට ද විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.මේ අතර මහරගම අපේක්ෂා රෝහල, වටරැක සුනීත විද්‍යාලය, නේපාලයේ කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේද, විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට ද විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.

More Stories