ඩීසල් සහ පෙට්රල් හිඟය හේතුවෙන් කොළඹ ඇතුලු බොහෝ ප්රදේහවල ඉන්ධන පිරවුම් හල් බොහෝමයක් වසා දමා ඇත. විවෘතව තැබූ ඉන්ධන පිරවුම්හල් අසලත් ඩීසල් වලට අමතරව පෙට්රල් මිලදී ගැනීම සඳහාද දිගු පෝලිම් දක්නට ලැබිණ.
ඉන්ධන හිඟය තවදුරටත් පවතින අතර ඉන්ධන පිරවුම්හල් රැසක ඩීසල් හා පෙට්රල් නැත යනුවෙන් සඳහන් පුවරු දැක ගත හැකිවිය. ඩීසල් සහ පෙට්රල් වලට අමතරව භූමිතෙල් මිලදී ගැනීම සඳහාද ජනදාව දිගු පෝලිම් වල රැඳී සිටිනු දක්නට ලැබිණ.