2004 දෙසැම්බර් 26 සුනාමි ඛේදවාචකයෙන් අතුරුදන් වී පසුව සොයාගනු ලැබු  ”සුනාමි බේබි – 81” ලෙස හඳුන්වනු ලබන ජෙයරාස් අභිලාෂ් ට ඊයේ (1දා) දවසේ ජීවිතයේ තවත් කඩඉමකට මුහුණ දීමට සිදුව තිබේ.

අද දිනයේ ආරම්භ වු අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීම සඳහා අභිලාෂ් ඊයේ උදෑසන කල්මුනේ සිය නිවසේ සිට පිටව ගියේය.

නිවසේ ඉදිකර ඇති සුනාමි ස්මාරකයට උපහාර දක්වමින් අභිලාෂ් එලෙස විභාගය සඳහා පිටව යන්නේ ඔහුගේ ජීවිතයේ මුහුණ දීමට ඇති මේ කඩයිමෙන් ද ජයග‍්‍රහණය ලබා ගන්නා අධිෂ්ඨානයෙනි.

සුනාමිය ඇති වෙන විට දින 67ක් වූ අභිලාෂ් මුහුදු රළට අසුවී ගසාගෙන ගොස් පැය 18කට පසුව සොයා ගනු ලැබීය.

රෝහලේදී මව්වරුන් 9 දෙනෙකු අයිතිය කියා පෑ නිසාවෙන් අභිලාෂ්ව අධිකරණය මාර්ගයෙන් ඞීඑන්ඒ පරීක්ෂණයක් සිදුකර ඔහුගේ පියා වන ජෙයරාජ් ට භාර කෙරිණි.

අභියෝග රැසකට මුහුණ දී ජීවිතය සාර්ථක කරගැනීමට උත්සහ දරන අභිලාෂ්ගේ එකම පැතුම වෛද්‍යවරයෙකු වීමය

කල්මුණේ ශ‍්‍රීවේල් රාජා

More Stories