වතුකරයේ උසස් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් සදහා විශ්ව විද්‍යාලයක් ඉදි කිරිම සදහා අවශ්‍ය ඉඩම් බලපත්‍රය රජය විසින් නිකුත් කර ඇති බවත් එම තත්වයන් මත වතුකරයේ තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂිත බවත් වතු නිවාස ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාගයේ දැක්ම වැඩ සටහන යටතේ වටගොඩ සමුහ ගොවිපලක් ඉදිකිරිම සදහා මුල් ගල තැබිමේ උත්සවයකදි ඔහු මේ බව පවසන ලදි.

සෞම්‍යමුර්ති තොණ්ඩමන් අනුස්මරණ සංසදය යටතේ පවතින වටගොඩ ප්‍රජාශක්ති මධ්‍යස්ථානයේදි මෙම සමුහ ගොවිපල ඉදිකිරිමට පියවර ගෙන ඇති අතර එහිදි වැඩි දුරටත් කතා කල ජිවන් තොණ්ඩමන් මහතා.

වතුකරයේ තරුණ තරුණියන් රැකියා ලබා ගැනිමේ දැවැන්ත ගැටලුවකට මුහුණදි තිබෙනවා එවන් තත්වයන් මත රැකියා විරහිත තරුණ තරුණියන් ස්වයං රැකියා සදහා යොමු කිරිම මෙවන් ස්ථාන ආරම්භ කිරිම ප්‍රධාන අරමුණක්.

මෙම සමුහ ගොවිපල තුල පුහුණු කිරමේ වැඩ සටහන්ද ක්‍රියාත්මක වන අතර මෙහිදි කුකුල් පාලනය, එළු පාලනය, බිම්මල් වගාව වැනි දේ පිලිබදව පුහුණුවක් ලබා දිමටත් පුහුණුවෙන් පසු එවන් කටයුතු කරගෙන යාමට පහසුකම් සැලසිමටත් පියවර ගන්නවා.

වතුකරය තුල පවතින ප්‍රජාශක්ති මධ්‍යස්ථාන කිපයක් තුලද ඉදිරියේදි විවිධ ස්වයං රැකියා පුහුණු ආරම්භ කිරිමට පියවර ගන්නා බවද ඔහු පවසන ලදි.

මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මංත්‍රි එම්. රමේස්වරන්, අමත්‍යාංශ ලේකම් ඩි. පි. ජි. කුමාරසිරි, සෞම්‍යමුර්ති තොණ්ඩමන් අනුස්මරණ සංසදයේ අධ්‍යක්ෂ ජනරාල් ගනේස් ඊස්වරන්, කොටගල ප්‍රාදේශීය සභාවේ සභාපති රාජමනි ප්‍රසාද්, හිටපු පලාත් සභා මංත්‍රිවරුන්වන ඒ. ශක්තිවේල්, පිලිප් කුමාර් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටින ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories