කොළඹ පිහිටි පොලිස් විශේෂ ඒකකයක සේවයේ නිරතවු තරුණ පොලිස් කොස්තාපල්වරයෙකු කොවිඩ් 19 රෝගය වැලදී ඇති බවට රෝග ලක්ෂන පෙන්නුම් කිරීම නිසා මිහින්තලය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් විසින් ඔහුව ප්‍රතිකාර සදහා අනුරාධපුර මෙත්සිරි සෙවන රෝහලට යොමුකර තිබේ.

විසිපස් හැවරදි පොලිස් කොස්තාපල්වරයාට රෝහලේ සිදුකළ පී.සී.ආර් පරික්ෂන වලින් අනතුරුව කොවිඩ් 19 රෝගය වැලදි ඇති බව තහවුරුවි තිබේ.

මිහින්තලය අඹතලාගම පොලිස් නිවාස සංකීර්ණයේ ඔහු තනිවම සිට ඇති බවත් ඔහුගේ පවුලේ ඥාතින් අට දෙනෙකු පමණ අද (08දා) ස්වයං නිරෝධායනය සදහා යොමුකරනා බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසූහ.

ආසාධිතයගේ පියාත් මිහින්තලය පොලිසියේ සේවයේ නිරත වන අතර ආසාධිත නිලධාරියා පසුගිය හතරවනදා කොළඹ සිට වව්නියාව දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථයකින් මිහින්තලයට පැමිණ ඇති බවත් එතැන් සිට ත්‍රීරෝද රථයකින් සිය නිවසට ගොස් ඇති බවත් සෞඛ්‍ය නිලධාරින් තහවුරු කරගෙන තිබේ.

මැදවච්චිය ප්‍රදේශයේ බස් රථ හිමියෙකුට අයත් බස් රථයකින් ඔහු මිහින්තලයට පැමිණ ඇති අතර නිලධාරියා බස් රථයෙන් පැමිණි බවට එහි සේවකයන් තහවුරු කර තිබේ.ඒ අනුව එම බස් රථයේ ගමන්කළ සෙසු මගින් ස්වයං නිරෝධායනයට යොමු කිරීම සදහා මැදවච්චිය සෞඛ්‍ය අංශ පරික්ෂන සිදුකරයි.

පොලිස් නිලධාරියා නිවසට පැමිණිමෙන් අනතුරුව නිවසේ සිටි මව සහ පියා අනුරාධපුර පුල්ලේයාර් හංදියේ පිහිටි සහෝදරියගේ නිවසට ගොස් ඇති බවත් පොලිස් කොස්තාපල්වරයාගේ මස්සිනා ඔහුට දිනපතා කෑම බීම රැගෙන නිවසට පැමිණ ඇති බවත් නිලධාරින් තහවුරු කරගෙන තිබුණි.

ඥාතිය නිවස තුලට පැමිණ නිවසේ සුනඛයාට ආහාර පවා ලබාදි තිබෙන නිසා ඔවුන් සියළුම දෙනා නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කරනා බව සෞඛ්‍ය අංශ නිලධාරින් පැවසූහ.පොලිස් සැරයන්වරයා නිවසට ගිය මිහින්තලය ත්‍රීරෝද රථගාලේ රාත්‍රීයේ නවතා තිබෙන ත්‍රීරෝද රථය සොයා සෞඛ්‍ය අංශ සහ පොලිසිය පරික්ෂන සිදුකරති.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories