බලාගාර රැසක දැවිතෙල් අවසන් අදියරට පැමිණීම හේතුවෙන් අද (24) දිනයේ සිට විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පැවසීය.

අද (24) සිට පැයක සහ හෙට (25) සිට පැය දෙකක කාලයකට විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ ලේකම් ධම්මික විමලරත්න පැවසුවේය.

මාර්තු මාසය අග වන විට විදුලි අර්බුදය වඩාත් දරුණු වනු ඇති බව මෙහිදී ඔහු පැවසීය.

යුගදනවි බලාගාරයට ද දැවිතෙල් ඇත්තේද තවත් දින 10ක පමණ කාලයකට පමණක් බැවින් එම දින ගණන අවසන් වන්නට ප්‍රථම දැවිතෙල් නොලැබුණහොත් එම බලාගාරයද වසා දැමීමට සිදුවන බව කියයි.

Similar Posts