closed walkatha

නොර්වුඩ් ප්‍රාද්ශීය සභාව නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් තිදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගැනිමත් සමග එම ප්‍රාදේශීය සභා කාර්යාලය තාවකාලිකව වසා දැමිමට උපදෙස් දුන් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඇතුළු ඔහුගේ බිරිද හා සේවකයකු කොවිඩ් ආසාදිතයන් ලෙසට හදුනා ගැනිමෙන් පසු ඔහුගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගත් මෙම ප්‍රාදේශීය සභා මංත්‍රිවරුන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසු මොවුන් කොවිඩ් ආසාදිතයන් ලෙසට අනාවරනයවු බවත්ය.

එම තත්වයන් මත මෙම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස තවත් ප්‍රාදේශීය සභා මංත්‍රිවරුන් දස දෙනකු ඇතුළු එම ප්‍රාදේශීය සභා කාර්යාලයේ නිලධාරින් පිරිසක්ද ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගත් බවත්ය.

එම තත්වයන් මත එම ප්‍රාදේශීය සභා කාර්යාලය තාවකාලිකව වසා දැමිමට උපදෙස් ලබා දුන් බවත් පි. සි. ආර්. පරික්ෂාවන් සිදුකල ආදාල සමහර ආශ්‍රිතයන් තම සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් පිටත සිටින බවත් එම තත්වයන් මත එම අය පදිංචි ප්‍රදේශ අයත්වන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවලට එම ආශ්‍රිතයන් පිලිබදව දැනුම් දිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා  – හැටන්


Television, Television show, gossip lanka, gossiplanka, infolanka news, news in sri lanka, news sri lanka, gossip c lanka, sri lanka gossip, hot gossip lanka

Similar Posts