prison mahara

මහර බන්ධනාගර සිදුවීමෙන් ඇති වූ සිදුවීම නිසා තුවාල ලැබූ රෝහල් ගත කළ පිරිස රාගම රෝහලට ඇතුලත් කර ඇති බවත් එම පිරිස 109ක් දක්වා ඉහල ගොස් ඇත.

රෝහල් ගතවූවන් අතර රැඳවියන් 107ක් සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් වන බවද පැවසේ .

අවසන් වශයෙන් රෝහල්ගත කළ රැඳවියන්ට සාමාන්‍ය තුවාල පමණක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

අද (01) උදෑසන රුපවහිනි වැඩසටහනකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව සඳහන් කර ඇත.

ගැටුම්කාරී තත්ත්වයෙන් තුවාල ලැබූවන් 48 දෙනකු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයෙන් රැඳවියන් 26 කට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. සෙසු තුවාලකරුවන්ද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණවලට අද (1 වැනිදා) ලක් කිරීමට නියමිතය.

More Stories