sl new leak

රිෂාඩ් බදුර්ධීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි මරණයට පත්වු බාල වයස්කාර ඉෂාලීගේ මරණයට සධාරනයක් ඉටු කරන ලෙස ඉල්ලමින් ඩයගම වතුයායේදි නිහඩ විරෝධතාවයක් 10වන දින සවස සිදු කරන ලදි.

ජත්‍යන්ත්‍රර මානව හිමිකම් දිනය නිමිති කර ගෙන ප්‍රොටෙක්ට් සංගමය විසින් මෙම නිහඩ විරෝධාවය සංවිධානය කර තිබු අතර මෙම විරෝධාවය සදහා එම වතුයායේ කාන්තාවන් පිරිසක් තම කුඩා දරුවන්ද සමග විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් එක්ව සිටි අතර මෙම අවස්ථාවට පාසල් සිසුන් පිරිසක්ද එක්ව සිටින ලදි.

මෙම නිහඩ විරෝධතාවයේදි අදහස් දැක්වු ප්‍රොටෙක්ට් සංගමයේ ප්‍රධාන ලේකම් කල්ප මධුරංග මහතා පවසන ලද්දේ රිෂාඩ් බදුර්ධින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි පිලිස්සි මිය ගිය බාල වයස්කාර ඉෂාලිනි දැරියගේ මරණය පිලිබදව සිදු කරන පරික්ෂන කඩිනම් කර ඇයට යුක්තිය ඉටු කිරිමට පියවර ගත යුතු බවත්ය.

මානව හිමිකම් දිනය සිහිපත් කලද මෙරට ජිවත්වන අපිට මානව හිමිකම් තිබේද යනුන ප්‍රශ්නයක් බවත් දැනට මාස හතරක් පමන ගතව ඇති ඉෂාලිනි දැරියගේ මරණය පිලිබදව යුක්තිය ඉටු කිරිමට තවමත් නොහැකිවි ඇති බවද ඔහු පවසන ලදි.

ඉෂාලිනි දැරියගේ මරණය පිලිබදව යුක්තිය නිසි ලෙස ඉටු කල යුතු බවත් එම මරණයට යුක්තිය ඉටුවන තෙක් තම සංගමය මෙන්ම රටම බලා සිටින බවද කල්ප මධුරංග මහතා වැඩි දුරටත් පවසන ලදි.

මෙම විරෝධතාව අතර තුරදි විශේෂයෙන් වතු කම්කරු කාන්තාවන්ට සිදුවන විවිධ හිරි හැර පිලිබදව වතු කම්කරු වන් දැනුවත් කිරිම සදහා විථි නාට්‍යක් රග දැක්විමටද ප්‍රොටෙක්ට් සංගමය මගින් පියවර ගෙන තිබුනි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts