ජනාධිපති අරමුදලේ සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සැපයීම අද සිට ආරම්භ කෙරෙයි.
ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් වැඩසටහන ක්‍රියාත්මකයි.
ඒ අනුව දිවයින පුරා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341ක ස්ථාපිත උප කාර්යාල මගින් ජනාධිපති අරමුදලේ සේවා සැපයීමට නියමිත බව, ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ය.
තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පහක නියමු ව්‍යාපෘතිය පසුගිය කාලයේ ක්‍රියාත්මක කෙරිණ.