“සමාජ ආරක්ෂණනය සහ මානව හිමිකම් සුරක්ෂිත කරමින් ත්‍රස්තවාදය පිටුදැකිම” මැයෙන් වාර්තාව එළිදැක්වීම සහ මහජන කතිකාව මැයෙන් 2024 සැප්තැම්බර් 26 වෙනි දින, බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී, ඕකිඩ් ශාලාවේ දී රැස්වීමක් පැවැත්විනි.
“ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත 1979 සම්මත කරන කාලය වන විට ඇති වූයේ රික්තයක නොවෙයි. 1971 දී සහ පසුව උතුරු ප්‍රදේශයේ දී හේතුව වූ සිදුවිම් මත රටේ ආරක්ෂාව සඳහා සම්මත කරන ලද පනතක්. මෙම පනත 1979 සම්මත කිරීමෙන් පසුව මෙම පනතේ අරමුණ වූ ත්‍රස්තවාදය වැලැක්වීම සිදුවූයේවූයේ ද යන්න ගැටළු සහතයි. එසේම මෙම පනත භාවිතයෙන් අත්අඩංගුවට ගැනීමේදී, රඳවා තබාගැනීමේ දී, පහරදීම් නිසා ඇතිවන අපහසුතාවයන්, නඩු නොමැතිව දීර්ඝ කාලයක් රඳවාගැනීම්, නඩු නොපැවරීම් වැනි තත්ත්වයන් මගින් මෙම පනත අවභාවිතය ඇති වී තිබෙනවා.” මෙම අවස්ථාවට සහභාගි වූ නීතිඥ ධනුෂ්ක සිල්වා ඔහු විසින් සම්පාදනය කරන ලද “ත්‍රස්තවාදය වැලැක්විමේ පනත, ඉතිහාසය.සන්දර්භය හා වර්තමානය භාවිතය” නමින් වු පර්යේෂණ ග්‍රන්ථය ඉදිරිපත් කරමින් එම අදහස් දැක්වීය.
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන මෙම වැඩසටහනට ප්‍රාදේශීය මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන නියෝජිතයන් විසින්ගේ සහභාගිවී සිටි අතර මහාචාර්ය රොහාන් සමරජීව, නීතිඥ ධනුෂ්ක සිල්වා, නීතිඥ දලාන් දසනායක, ජේෂ්ඨ ජනමාධ්‍යවේදී අජිත් පැරකුම් ජයසිංහ යන විද්වතුන් සහභාගි විය.
එහිදී නීතිඥ දුලාන් දසනායක මහතා දැක්වූ අදහස් පහතින් …