මධ්‍යම කදුකරයට පවතින වැසි තත්වයන් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කුයිල් වත්ත ප්‍රදේශයේ මාර්ගයේ කොටසක් නැවත නාය යාමේ තර්ජනයකට ලක්ව ඇත‍.

මෙම මාර්ග කොටස මෙයට වසර දෙකකට පමන පෙරද මෙසේ නාය යාමේ තර්ජනයකට ලක් වුවද එම අවස්ථාවේ එම මාර්ග කොටසට  තාවකාලික පිලියම් යෙදුවද දැනට පවතින වැසි සමග එම ස්ථානය නැවත නාය යාමේ තර්ජනයකට මේ වන විට ලක්ව ඇත.

මේ පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ ජනතාව මෙන්ම රථ වාහන රියදුරන් කිප දෙනකුම පවසන ලද්දේ මෙම ස්ථානය මෙයට පෙර නාය යාමකට ලක්වු අවස්ථාවේදි එම ස්ථානය තාවකාලිකව පිලිසකර කලද එයට පසු එම ස්ථානය නිසි ලෙස සකස් කිරිමට කිසිදු පියවරක් නොගත් බවත්ය.

එම මාර්ගයේ තාවකාලිකව යොදන ලද පැලැස්තර දැමු ස්ථානද මේ වන විට පුපුරා ඇති අතර එම ස්ථානයේ විශාල නාය යාමකට පෙර එම ස්ථානය නිසි ලෙස සකස් කර දිමට අදාල බලධාරින් කඩිනමින් පියවර ගත යුතු බවද ඔවුන් වැඩි දුරටත් පවසන ලදි.

 

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories