හැටන් ආශ්රිත ප්‍රදේශයට පවතින වැසි තත්වයන් හමුවේ හැටන් කුඩාගම අංක 23 දරණ නිවසට විශාල කලු ගලක් පෙරලිමෙන් එම නිවසට හානි සිදුව ඇත.
මේ පිලිබදව අදහස් දැක්වු එම නිවසේ හිමිකරු රත්නසිරි මහතා පවසන ලද්දේ ප්‍රදේශයට පවතින වැසි තත්වයන් හේතුවෙන් නිවස පිටුපස තිබු විශාල කලු ගලක් පෙරලිමෙන් තම නිවසේ බිත්තියක් මුලු මනින්ම විනාශයට පත්වු බවත්ය.
මෙම ගල පෙරලිමෙන් නිවසට හානි සිදුවුවද තම ජිවිත බේරුන බව මේ පිලිබදව ප්‍රදේශයේ ග්‍රාම නිලධාර දැනුවත් කිරිමෙන් පසු ග්‍රාම නිලධාරිනිය නිවස පරික්ෂා කිරිමට පැමිනි බවද ඔහු තව දුරටත් පවසන ලදි.
මේ පිලිබදව නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති රවි කොලිදවේල් මහතාගෙන් කරන ලද විමසිමකදි ඔහු පවසන ලද්දේ මේ පිලිබදව තමන් දැනුවත් කර නොමැති බවත් රෙමම තත්වය පිලිබදව සොයා බලා අවශ්‍ය සහන සැලසිමට පියවර ගන්නා බවත්ය.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්