හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කලුගල මාර්ග බාධකයේ සිදු කරන අහඹු පි. සි. ආර්. පරික්ෂාවලදි කොවිඩ් ආසාදිතයන් 116 දෙනකු හමුවි ඇති බව අඹගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක රෙක්. කාමදේවන් මහතා පවසයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයට පැමිනෙන එක් ප්‍රධාන මාර්ගයක් වන හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කලුගල මාර්ග බාධකය අසල දැනට මාසයකට අධික කාලයක් පුරාවට විටින් විට අහඹු පි. සි. ආර්. පරික්ෂාවන් සිදු කරන බවත් එසේ කරන ලද අහඹු පි. සි. ආර්. පරික්ෂාවලදි මෙම කොවිඩ් ආසාදිතයන් 116 දෙනා හදුනා ගත් බවද ඔහු පවසන ලදි.
බස්නාහිර පලාතේ කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල සිට මෙම ප්‍රදේශයන්ට පැමිනෙන පිරිස් මෙසේ වැඩි වශයෙන් අහඹු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කරන බවත් මෙම පි. සි. ආර්. පරික්ෂාවලදි හමුවු කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ බවත් තවත් පිරිසක් කොටගල, ආගරපතන, නාවලපිටිය ආදි ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණවි ඇති බවත් කාමදේවන් මහතා තව දුරටත් පවසන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්