සේවා ලබාගැනීමට අපේක්ෂිත ජනතාව වෙනුවෙන් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදු කරනවා. ඒ අනුව සේවා ලබා ගැනීමට පැමිණීමට පෙර 011 2 677 877 අංකය අමතා දිනයක් හෝ වේලාවක් වෙන් කර ගත යුතුයි.
රාජකාරී දිනවල උදෑසන 9 සිට පස්වරු 4 දක්වා වාහන ලියාපදිංචි කිරීම් සඳහා 0707 677 877 දුරකථන අංකයට ඇමතිය යුතු වනවා. රියදුරු බලපත්‍ර සඳහා 0707 677 977 යන දුරකථන අංකයට අමතන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
රාජකාරී වේලාවෙන් පසුව ද වට්ස්ඇප්, වයිබර් හෝ කෙටි පණිවුඩයක් මඟින් සිය විමසීම් මෙම දුරකථන අංකයන් වෙත යොමුකළ හැකියි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලවල කටයුතු ද අදාළ දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් ලේකම්වරයාගේ මඟපෙන්වීම මත සිදුකිරීමට නියමිතයි.