යුක්රේනයේ සිදුකරනු ලබන යුද මෙහෙයුම් හේතුවෙන් රුසියානු ජනාධිපති ව්ලැදීමිර් පුටින් හට කිසිදු දේශපාලන ජයග්රහනයක් හෝ එරට ජනතාව හමුවේ ජනප්‍රියතාවයක් ලැබෙන බවට සහතික කළ නොහැකි බව බ්‍රිතාන්‍යයේ MI6 බුද්ධි අංශයේ ප්‍රධානි රිචර්ඩ් මුර් පවසයි.
යුක්රේනයේ යුද ශක්තිය පිළිබඳව අවතක්සේරුවට ලක් කිරිම සහ අක්‍රමවත් යුද සැලසුම හේතුවෙන් රුසියානු හමුදාවන්ටයුක්රේනය හමුවේ දැවැන්ත පරාජයකට මුහුණ දීමට සිදුවෙනු ඇති බවයි බුද්ධි අංශ ප්‍රධානියා සඳහන් කර සිටියි.
මේ අතර රුසියානු භට පිරිස් වෙත යුක්රේන ප්‍රහාර හමුවේ සැලකිය යුතු හානියක් සිදුව තිබෙන බවයි.