කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබු සියලු පාසල් අද (29) සිට යළි විවෘත වෙයි.
ශ්‍රී ලංකාව තුළ කොරෝනා ව්‍යාප්තියත් සමග පසුගිය වසරේ මාර්තු 13 වැනිදා සිට දිවයිනේ සියලු පාසල් වසා දැමුණු අතර පසුව අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කෙරිණි.
බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමේදී අවස්ථා කිහිපයකදීම ගැටලු මතු වූ අතර,අදාළ පාසල්වල 5 ,11 හා 13 ශ්‍රේණිවල පන්ති ආරම්භ කෙරුණේ පසුගිය 15 වැනිදා සිටය.
අද සිට බස්නාහිර පළාතේ පාසල්වල සියලු ශ්‍රේණි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති අතර, එහි සඳහන් වන්නේ සිසුන් 15 ක් දක්වා සිටින පන්ති සතියේ සෑම දිනකම පැවැත්විය යුතු බවයි.
සිසුන් 16 ත් 30 ත් අතර සිටින පන්ති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පැවැත්විය යුතුයි.
සිසුන් 30 ට වැඩි පන්ති, කණ්ඩායම් තුනකට බෙදා සමාන දින සංඛ්‍යාවක් වන සේ පැවැත්විය යුතු බව චක්‍රලේඛයේ සඳහන් වේ.
අගරදගුරු පදවි, කතෝලික සභාවේ බස්නාහිර පළාතේ පිහිටි සියලුම පුද්ගලික සහ ජාත්‍යන්තර පාසල් ලබන මස 05 වැනිදා සිට ආරම්භ කෙරෙනු ඇති.
මේ අතර බස්නාහිර පළාතේ දහම් පාසල් අප්‍රේල් 18 වැනිදා විවෘත කිරීමට ද තීරණය කර ඇත.