elec set alarm for 11 30

ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා ඡන්ද සඳහා මැතිවරණ කොමිසම දැනටමත් සුදානම් වෙමින් සිටින බව, එහි සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා කියා සිටියි.

පළාත් පාලන ආයතනවල නිල කාලය 2022 මාර්තු 20 අවසන් වීමට නියමිත අතර, අද පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති , “මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභා” හමුවේදි ඔහු විසින් මේ බව කියා සිටියේය.

ඒ අනුව ඔහු විසින් සඳහන් කොට ඇත්තේ එළඹෙන 2022 වර්ෂයේ ජනවාරි මාසය තුළ මැතිවරණ පැවැත්වෙන දිනයන් පිළිබඳව නිවේදනය කරන බවයි.

Similar Posts