dailyreporter Severe environmental destruction due to forest fires

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මේ වන විට පවතින වියළි කාලගුණික තත්වයන් මත සිදු කරනු ලබන කැලැ ගිනි තැබිම් හේතුවෙන් මෙම ප්‍රදේශයන් තුල දැඩි පරිසර විනාශයක් සිදුවන්නා සේම ඉදිරියේ දැඩි ජල හිගයක් ඇති විමේ අවදානමක්ද හට ගෙන ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදෙශයේ පිරිසක් පවසනුයේ මේ වන විට පවතින වියළි කාලගුණික තත්වයන් මත සමහර පිරිස් විනෝදය තකා මෙන්ම වැලි මුවන්, සාවුන්, වැනි කුඩා සතුන් දඩයම් කිරිමේ අරමුණ මත සිදුකරනු ලබන කැලැ ගිනි තැබිම් හේතුවෙන් මේ වන විට වන වගාවන් විනාශයට පත් වෙමින් පවතින බවත්ය.
මෙසේ සිදු කරනු ලබන කැලැ ගිනි තැබිම් හේතුවෙන් වන වගාවන් විකනාශ වන්නා සේම දැඩි පරිසර විනාශයක්ද සිදු වන අතර මෙම තත්වයන් මත ඉදිරියේදි මෙම ප්‍රදේශයන් තුල දැඩි ජල හිගයක් ඇති විමේ අවදානමක් පවතින බවද එම පිරිස් පවසති.
මෙම තත්වයන් පිලිබදව දැඩි අවදානයක් යොමු කර මෙසේ කැලැ ගිනි තබන පිරිස්වලට එරෙහිව දැඩි නිතිමය පියවර ගැනිමට අදාල බලධාරින් පියවර ගත යුතු බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories