ප්‍රසන්න රණතුංග බෙරිහන් දෙමින් පවසා සිටින්නේ අරගලකරුවන් නිසා ගෝල්ෆේස් භූමියට සිදුවූ හානිය අරගලකරුවන්ගෙන් අයකරගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවයි.
මෙලෙස වන්දි මුදල් අයකරනොගතහොත් නිලධාරීන්ට ප්‍රශ්න ඇතිවිය හැකි බවත් ගෝල්ෆේස් භූමියට සිද්වු හානිය ගැන තක්සේරු වාර්තාවක් සකස් කරමින් තිබෙන බවද ඇමතිවරයා පවසා ඇත.
නමුත් අරගලකරුවන්ගෙන් වන්දි ලබාගැනීමට තිබෙන තදියම රටට මහා විනාශයක් සිදුකළ සමාගම්වලින් වන්දි ලබාගැනීමට අදාළව නැති බව පෙනේ.
මෙරට මුහුදු සීමාවේදී ගිනිබත් වූ එක්ස්ප්‍රස් පර්ල් ( M.V Express Pearl ) නෞකාවෙන් නිකුත්වූ ප්ලාස්ටික් හා අපද්‍රව්‍ය ඉවත්කොට මන්නාරම සිට හම්බන්තොට කිරින්ද දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරීමට මෙතෙක් රුපියල් නව කෝටි තිස් අටලක්ෂ පනස්හත් දහස් දෙසීය අනූ තුනක් වැයවී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ළහඳපුර පවසා තිබුණි.
බහාලුම් වලින් නිකුත්වූ ප්ලාස්ටික් හා රසායන ද්‍රව්‍යයන් ඉවත්කොට මුහුදු තීරය සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීමට තවත් වසර කිහිපයක්ම ගතවනු ඇතැයි ද ළහඳපුර මහත්මිය පැවසුවාය.