education Substantial investment in education sector in Budget 2025

ශ්‍රී ලංකාව අධ්‍යාපනයේ කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බවත්, විදේශ විශ්වවිද්‍යාලවලට යන සිසුන් සඳහා ඩොලර් බිලියන 3ක් වියදම් කෙරෙන නමුත් මෙරට විශ්වවිද්‍යාල සඳහා විදේශීය සිසුන් බඳවා ගැනීම මඟින් ඩොලර් බිලියන 10ක් රටට ලබාගත හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශ කළේය.

මෙතෙක් පැවැති අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කරන බවත් ගෝලීය අවශ්‍යතාවය අනුව භෞතික විශ්වවිද්‍යාල පමණක් නොව සයිබර් තාක්ෂණය සඳහා ද අවශ්‍ය විශ්වවිද්‍යාල ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ අය වැය කාරක සභා අවස්ථාවේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ වැය ශිර්ෂය විවාදයට එක්වෙමිනි.

More Stories