kasal-re

මධ්‍යම කදුකරයේ බටහිර කොටසට ඇදහැලෙන අධික වැසි තත්වයන් සමග කාසල්රි ජලාශයේ ජලය පිටාර මට්ටමට පැමිනිමත් සමග අද 04 වන දින උදැසන වාන් දැමිම ආරම්භවි ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මධයම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් කාසල්රි ජලාශයේ ජලය සිග්‍ර ලෙස ඉහල යාමත් සමග 04වන දින උදැසන සිට වාන් දැමිම ආරම්භව ඇති බවත්ය.

මෙම ජලාශයේ ජලය ලබා ගෙන විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන යන ජල විදුලි බලාගාරවලින් උපරිම ලෙස ජල විදුලිය නිපදවිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා

More Stories