poor

පසුගිය 2024 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ දුප්පත්කම 45%ත් 52%ත් අතර ප්‍රමාණයකට ඉහළ ගොස් ඇති බව දරිද්‍රතා විශ්ලේෂණ මධ්‍යස්ථානය (CEPA) පවසනවා.

එම විශ්ලේෂණ මධ්‍යස්ථානය අවධාරණය කලේ සමාජ ආරක්ෂණ ජාලය තවදුරටත් පුළුල් කළයුතු බවයි.

කෙසේ වෙතත් අස්වැසුම ලබන පවුල් 2600ක් යොදාගෙන මෙම පර්යේෂණය සිදු කර තිබෙනවා.ඒ අතරින් පවුල් 4ක් පමණක් එම සහනාධාරය යොදාගෙන මුදල් ඉපැයීමේ මාර්ගයක් සකස් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දරිද්‍රතා විශ්ලේෂණ මධ්‍යස්ථානය සිදු කළ ගෘහාශ්‍රිත දරිද්‍රතා අධ්‍යයනයක් කොළඹ හිල්ටන් හෝටලයේදී ඊයේ (27) එළිදක්වා තිබෙනවා.කෙසේ වෙතත් 2016 වසර වන විට මෙරට දුප්පත්කම සියයට 4% දක්වා පහත වැටී තිබූ අතර 2021වර්ෂයේදී ආර්ථික අර්බුදයට පසුව එය සැළකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

More Stories