coronavirus news

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් පාසල් සිසුවකු ඇතුළු කොවිඩ් ආසාදිතයන් 06 දෙනකු හමුවිමත් සමග එම සිසුවා අධ්‍යාපනය හදාරන බගවන්තලාව හෝලි රෝසරි විදුහලේ සිසුන් පිරිසක් ගුරුවරුන් පිරිසක් ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. ගනේෂන් මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු ගනේෂන් මහතා පවසන ලද්දේ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ චැපල්ටන්, මෝරා, හා ටින්සින් යන වතුවලින් කොවිඩ් ආසාදිතයන් 06 දෙනකු හමුව ඇති බවත් ඉන් එක් අයකු බගවන්තලාව හෝලි රොසරි විදුහලේ ඉගෙනුම ලබන සිසුවකු බවත්ය.

එම තත්වයන් මත අදාල සිසුවා අධ්‍යාපනය හදාරන හෝලි රොසරි විදුහලේ සිසුන් 71ක් හා ගුරුවරුන් 10 දෙනකු ස්වයං නිරෝධානයට ලක්කිරිමට පියවර ගත් බවත් එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත්ය.

මෙසේ හමුවු කොවිඩ් ආසාදිතයන් මෙයට දින කිපයකට පෙර කොවිඩ් ආසාදනයෙන් මිය ගිය අයගේ ආශ්‍රිතයන් ලෙස හදුනාගෙන පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කර ස්වයං නිරෝධානයට ලක් කර සිටි අය බවත් මෙම ආසාදිතයන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගන්නා බවද ගනේෂන් මහතා තවදුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories