එළැඹෙන ක්‍රිකට් T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිමි ජාතික කණ්ඩායම සඳහා වන නව ජර්සිය නිර්මාණය කිරීමේ කාර්යය Moose Clothing සමාගම විසින් සිදු කරන ලද අතර, එය එළිදැක්වීම ජා ඇළ පිහිටි Moose Clothing සමාගමේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.

මෙම සුවිශේෂී අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් ඇතුළු ව ගෞරවනීය සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගි වූහ.

ක්‍රිකට් ක්‍රීඩාව ලොකු කුඩා සියලු ම ශ්‍රී ලාංකිකයන්ගේ හද බැඳ ගත් ක්‍රීඩාව නිසා ම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව නිල ජර්සිය නිර්මාණය සඳහා ලැබුණු මෙම අද්විතීය අවස්ථාව පිළිබඳ ව Moose Clothing සමාගම සිහිපත් කරන්නේ මහත් අභිමානයෙනි. එමෙන් ම මෙම අවස්ථාව Moose Clothing සමාගම මෙන් ම මෙරට ක්‍රීඩා ඉතිහාසයේ අභිමානවත් අවස්ථාවක් සනිටුහන් කරන බව ද පැවසිය යුතු ම කරුණකි.

ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය, සංචාරක ර්මස්ථාන ඇතුළු ශ්‍රී ලාංකේය උරුමයන් ඉස්මතු වන අයුරින් නිර්මාණය කර ඇති මෙම සුවිශේෂී ක්‍රිකට් ජර්සිය මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ උත්ප්‍රේරකයක් ලෙස භාවිත කිරීම ද Moose Clothing සමාගමේ අරමුණ වන අතර, මෙම නව ක්‍රිකට් ජර්සිය තුළ ඇතුළත් කර ඇති ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් මහනෙල් මල, ආරුක්කු නවයකින් යුත් පාලම, හබරණ ‘අලි එකතුව’, පැරණි ශ්‍රී ලංකාවේ සඳකඩපහණ, ජාතික කොඩියේ එන සිංහ රුව ආදී සංකේත හරහා ශ්‍රී ලාංකිකයින් සතු අභියෝග සඳහා ඔරොත්තු දීමේ හැකියාව. නොසැලෙන අධිෂ්ඨානය සහ නොපසුබට උත්සාහය පිළිඹිබු කරයි.

Similar Posts