කොවිඩ් 19 වෛරස වසංගතය හේතුවෙන් මාස හයකට අධික කාලයක් අඛණ්ඩව වසා දමා තිබූ රජයේ පාසල් විවෘත කිරීමත් සමග සිසුන් හා ගුරුවර ගුරුවරියන් නැවතත් අද (25දා) පාසල් සදහා පැමිණි අතර සිසුන්ගේ පැමිණිමේ අඩුවක් දක්නට ඇති බව උතුරු මැද පළාතේ විදුහල් රැසක විදුහල්පතිවරුන් පැවසූහ.
මාස හයකට අධික කාලයක් කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීමත් නිසා තාවකාලිකව වසා දමා තිබූ පාසල් වල ප්‍රාථමික ශ්‍රේණි සියල්ල අද (25දා) දිනයේ ආරම්භ කෙරුණු අතර සිසුන් සියයට 25-30 අතර ප්‍රමාණයක් අධ්‍යාපන කටයුතු සදහා සහභාගි වූ බව විදුහල්පතිවරුන් පැවසූහ.
පාසල් විවෘත කිරීමෙන් පසුව අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ සභාපති එස් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියා සිටියේ ගුරුවර ගුරුවරියන්ගේ පැමිණිම සියයට සියයක් බවයි.
එහිදි වැඩිදුරටත් කථා කළ සභාපතිවරයා.සි සු දරුවන්ගේ පැමිණිමේ අඩුවක් තියනවා නමුත් ඉදිරියේදි ඒක හරි යයි. දරුවන් එන්නේ නැත්තේ දෙමාපියන්ට පාසල් වල සෞඛ්‍ය ආරක්ෂිත ක්රමයන් පිළිබදව එතරම් පැහැදීමක් නෑ.
ගුරුවරු ගුරුවරියන්ගේ පැමිණිම සියයට සියයයි. අසනීප හා පෞද්ගලික නිවාඩු ලබාගත් ගුරුවර ගුරුවරියන් හැරෙන්නට සෙසු සියළුම අය විදුහල් කරා ඇවිල්ලා තියනවා. සමහරක් ගුරු සංගම් වර්ජනයේ දිගින් දිගටම හිටියත් ගුරුවරුන්ගේ පැමිණිම ඉතාම හොදයි.
අපි වර්ජනය අවසන් කරලා දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය නැවත ලබාදෙනවා.නමුත් සේවය අකුරට.ඔන්ලයින් කරන්නේ නෑ පාසල් කටයුතු විතරයි යනුවෙන් ඒ මහතා පැවසුවේය.
මේ අතර පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාථමික පාසල් ද අද (25) මාස ගණනාවකට පසු විවෘ ත කෙරුණු අතර පොඩි දරුවන් ඉතාම උනන්දුවෙන් පාසල් එන අන්දමත් දෙමව්පියන් පාසල් ගේට්ටු අසල රැස්ව සිටින අයුරුත් නිරීක්ෂණය විය.
දරුවන්ගේ අධ්‍යාපනය වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ අඩාලව තිබූ අතර කුඩා දරුවන්ට එහි වැඩිම බලපෑම එල්ල වී තිබුණි.කුඩා දරුවන්ගේ පාසල් නිල ඇදුම් කුඩා වීම නිසා නිල ඇදුම් නැතිව සැහැල්ලු පාට ඇදුම් ඇද පාසල් පැමිණීමට ද රජය අවස්ථාව ලබා දී ඇති අතර දරුවන් ඉතාම උද්යෝගයෙන් පාසල් පැමිනෙණ අයුරු දැක ගත හැකි විය.
ගුරුවරුන්ගේ පැමිණීමද ඉහළ මට්ටමක තිබූ අතර ඔවුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන තුරු වෘ ත්තීය ක්‍රියාමාර් ගවල නිරතවන බවත් අද දිනයේ දිවයින පුරා ම නගරවල සවස 2.00 ට උද්ගෝෂණ මාලාවක් ද සංවිධානය කර ඇත.
එමෙන්ම හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වලටද සිසුන් පැමින සිටින ආකාරයක් දක්නට හැකි විය.
මෙම විදුහල්වල සිසුන් මෙන්ම ගුරුවරුන්ද පැමින සිටින අතර මෙම විදුහල්වලට පැමිනෙන සියලුම ගුරුවරුන් සිසුන් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන්ට අනුකුලව පාසල්වලට ඇතුලත් කර ගැනිමට පියවර ගෙන ඇති බව විදුහල් කිපයකම විදුහල්පතිවරුන් පවසන ලදි.
හැටන් අධ්‍යපාන කලාපයේ ද්‍රවිඩ මාධ්‍ය ප්‍රාථමික පාසල් 105ක් හා සිංහල මාධ්‍ය ප්‍රාථමික පාසල් 25ක් වශයෙන් ප්‍රාථමික පාසල් 130ක් පවතින බවත් මෙම සියලුම පාසල්වල අධ්‍යාපන කටයුතු 25වන දින ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බව හැටන් කලාප අධ්‍යාපන අධ්යක්ෂ එස්. ශ්‍රිධරන් මහතා පවසන ලදි.
අනුරාධපුර මහේෂ් විජේසුරිය, පොලොන්නරුව ඊෂා මුදියන්සේ, හැටන් සුදත් සෙල්ලහේවා