කහ ඉර භාවිතා නොකරමින් මගී ජනතාව ප්‍රධාන මාර්ගය හරහා ගමන් කරද්දි කහ ඉර මතින් පමණක් එහා මෙහා යෑමට පුරුදුවි සිටි මාධ්‍ය මගින්ද ඒ පිළිබදව පෙන්වා දුන් තඩී නමින් හදුන්වන සුනඛයාව නොහික්මුණු කැබ් රථ රියදුරෙකු විසින් හප්පා මරණයට පත්කර තිබේ.
අනුරාධපුර නව බස් නැවතුම් පොළ ඉදිරිපිට පිහිටි සංඥා එළි ආසන්නයේ ගැවසෙන් සිටි සුනඛයා කැබ් රථයකට යටකර මරණයට පත් කිරීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ අනතුර සිදුකළ රියදුරාට දැඩි අප්‍රසාධය පලවෙමින් පවති.
මෙම සුනඛ්‍යා මගී ජනතාව පාර පුරා ගමන් කරද්දි සංඥා එළි සවිකිරීමට පෙර තිබූ කහ ඉර මතින්ම පමණක් ගමන් කරනා අයුරු පුවත්පත් මගින් පෙන්වා දීමෙන් අනතුරුව විද්‍යුත් මාධ්‍ය මගිනුත් ඒ පිළිබදව පෙන්වාදී තිබුණි.
සංඥා එළි සවිකිරිමෙන් අනතුරුවත් සුනඛයා පාර එහා මෙහා ගමන් කිරීමට එම ස්ථානය තොරා ගැනීම නිසා ප්‍රසිද්ධියට පත්වි සිටි සුනඛයා පදිකමාරුව අසල සිටියදි අපරික්ෂාකාරිව පැමිණි කැබ් රථයක ගැටිමෙන් බරපතල තුවාල ලබා තිබේ.
අනතුරුව ඒ ආසන්නයේ ලොතරැයි වෙළාදාමේ නිරත සුරේෂ් සුදර්ශන මහතා සුනඛයාගේ ජීවිතය බේරා ගැනීමට වහාම පශු වෛද්‍යවරයෙකු හමුවට රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදි තිබුණත් මරණයට පත්වි තිබුණි.
උදෑසන දහවල් කාලයේ සංඥා එළි පදිකමාරුවෙන් මගී ජනතාව සමග පාර එහා මෙහා යන සුනඛ්‍යා පසුගිය කාලය පුරාම මාර්ගය භාවිතා කරන්නන්ට විශාල ආදර්ශයක්වී සිටියේය.
අනුරාධපුර – මහේෂ් විජේසුරිය