හැටන් ආශ්රිත වතුකරයේ ලංකා රතු කැකුළු සහල් හිගවිමත් සමග පොංගල් බත උයා ගැනිමට නොහැකිවිමෙන් මෙම ප්රදේශවල හින්දු ජනතාව විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත.
හින්දු ජනතාවගේ හිරු දෙවියන් නැමදිම හේවත් පොංගල් උත්සවය මේ මස 14වන දිනට යෙදි ඇති අතර එම පොංගල් උත්සවය ඉතාමත් භක්තියෙන් සමරන අතර මේ නිමිත්තෙන් සෑම හින්දු නිවසකම රතු කැකුළු සහලින් පොංගල් බතක් සකස් කිරිමට එම නිවැසියන් කටයුතු කරන අතර මෙම දිනවල මෙම ප්රදේශයන් තුල පවතින ලංකා රතු සහාල් හිගවිම මත එම පිරිස් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්රදේශයේ හින්දු භක්තිකයන් පිරිසක් පවසනුයේ මේ වන විට මෙම ප්රදේශයන් තුල ලංකා රතු කැකුළු සහාල් හිගයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන්ට පොංගල් බත සකස් කිරිමට නොහැකි තත්වයක් පවතින බවත්.
පොංගල් උත්සවය යනු හිරු දෙවියන් නැමද නව වසරේ වැඩ කටයුතු ආරම්භ කිරිමක් බවත් එම පොංගල් උත්සවය සැමරිම සදහා තමන් තම නිවෙස් ඉදිරිපිට පොංගල් බතක් සකස් කර හිරු දෙවියන් නැමදිමට පියවර ගන්නා බවත් එහෙත් මේ වන විට මෙම ප්රදේශයන් තුල පවතින ලංකා රතු කැකුළු සහාල් හිග විමත් සමග තමන්ට නිසි ලෙස පොංගල් බත උයා පොංගල් උත්සවය සැමරිම දැඩි දුෂ්කර තත්වයකට පත්ව ඇති බවත්ය.
මනුර සුදත් සෙල්ලහේවා