කොවිඩ් 19 ආසාදිත ගුරුවරියක් හේතුවෙන් වසා දමා තිබු නොර්වුඩ් ද්‍රවිඩ විදුහලේ අධ්‍යාපන කටයුතු නැවත 21වන දින ආරම්භ කිරිමට පියවර ගන්නා බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පි. ශ්‍රිධරන් මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු පි. ශ්‍රිධරන් මහතා එම විදුහලේ ඉගැන්විම් සිදු කරන ගුරු මහත්මියක් පසු ගිය 06වන කොවිඩ් ආසාදිතයකු ලෙස හදුනා ගැනිමත් සමග සෞඛ්‍ය උපදෙස් මත 07වන දින සිට එම විදුහල වසා දමා එම විදුහලේ සිසුන් හා ගුරුවරුන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමේදි එම විදුහලේ තවත් සිසුන් දෙදෙනකුද කොවිඩ් ආසාදිතයන් බවට හදුනා ගැනිමට හැකිවු බවද ඔහු පවසන ලදි.

එම තත්වයන් මත එම විදුහලේ ඉගෙනුම ලබන අනිකුත් සිසුන්ගේ හා එහි ඉගැන්විම් කරන ගුරුවරුන්ගේ ආරක්ෂාව සදහා ලද සෞඛ්‍ය උපදෙස් මත වසා දැමුන එම විදුහල විෂබීජහරණයට ලක් කර නැවත අධ්‍යාපන කටයුතු සදහා 21වන දින සිට විවෘත කිරිමට මේ වන විට සැලසුම් කර ඇති බවද ශ්‍රිධරන් මහතා පවසන ලදි.

විෂ බීජ හරණයට ලක් කර මෙම විදුහල 21වන දින අධ්‍යාපන කටයුතු සදහා ආරම්භ කිරිමෙන් පසු මෙහි පැමිනෙන සියලු සිසුන් මෙන්ම එහි ගුරුවරුන්ද සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සමාජ දුරස්ථබාවය රැගෙන පරිදි කටයුතු කිරිමට පියවර ගත යුතු බවත් පි. ශ්‍රිධරන් මහතා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories