වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් සංවිධානය කරන ලද හර්තාල් ව්‍යාපාරය සාර්ථකවු බව ලංකා තම්කරු කොංග්‍රස් මහ ලේකම් වතු නිවාස ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා පවසයි.

නොර්වුඩ් ප්‍රදේශයේදි 05වන දින සවස පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු ජිවන් තොණ්ඩමන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.

වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස රජය මගින් යෝජනා කර තිබියදි එයට වතු කමාගම් මේ වන තෙක් එකග නොවිම හේතුවෙන් එම වතු සමාගම්වලට එරෙහිව 05වන දින හර්තාල් ව්‍යාපාරයක් සංවිධානය කලා.

ඒ අනුව 05වන දින පැවති එම හර්තාල් ව්‍යාපාරය ඉතාමත් සාර්ථක ලෙස පැවැත්වුනා මෛය නුවරඑළිය දිස්ත්‍රික්කය තුල පමනක් නොවෙයි තවත් දිස්ත්‍රික්ක කිපයකම පැවැති බවයි අපිට වාර්ථා වන්නේ මෙම හර්තාල් ව්‍යාපරය සාර්ථක කර ගැනිම සදහා වෙලද ව්‍යාපාරිකයන්, ගුරුවරුන්, පාසල් සිසුන් රථ වාහන හිමියන් ඇතුළු විවිධ පිරිස් සහය ලබා දුන්නා යාපනයේ පාසල් සිසුන් පවා අපිට සහාය ලබා දුන්නා එම නිසා මෙය සාර්ථක කර ගැනිමට සහාය දුන්න සියලුම දෙනාට මේ අවස්ථාවේ ස්තුතිය පුදකරනවා.

මෙම හර්තාල් ව්‍යාපාරය සදහා අස්ගිරිය විහාරස්ථානයේ සංඝරත්නය මෙන්ම මහනුවර බිසොප්තුමන්ද ආශීර්වාද කලා එම පුජක පක්ෂ්‍යට නමස්කාර ස්තුතිය පුද කරනවා මෙය පැවත්වුයේ වතු සමාගම්වලට එරෙහිව මිස රජයට එරෙහිව නොවන බව නැවත ප්‍රකාශ කල යුතුයි.

මෙහිදි අදහස් දැක්වු නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මංත්‍රි එම්. රමේෂ්වරන් මහතා අද දින පැවති හර්තාල් ව්‍යාපාරය සාර්ථක කර ගැනිමට සහය දුන් සියලුම දෙනාය ස්තුතිය පුද කරනවා. මේ රටේ ජනාධිපති තුමන් කිවා මේ වතු කම්කරු වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස අගමැතිතුමන් කිවා මෙය වැඩි කරන ලෙස කම්කරු ඇමති කිවා මෙය වැඩි කරන ලෙස එත් වතු සමාගම් මෙයට කැමැත්ත දක්වන්නේ නැහැ.

එම නිසා වතු සමාගම්වලට එරෙහිවයි මෙම හර්තාල් ව්‍යාපාරය පවත්වන්නේ මෙය සංවිධානය කලේ ලංකා කම්කරු කොංග්‍රසයේ ශක්තිය පෙන්වන්න නොවෙයි මෙය සංවිධානය කලේ ජනතාවගේ ශක්තිය පෙන්වන්නයි.

වතුවල නිස්පාදනය කරන තේ කුඩු ප්‍රවාහනය කිරිම නතර කරන්න ලංකා කම්කරු කොංග්‍රසය කිසිම අවස්ථාවක උපදෙස් දිලා නැහැ එය කර තියෙන්නේ වතු කම්කරුවන්.

වතු සමාගම්වලට තේ වතු ලබා දිමෙන් පසු වතු විශාල ප්‍රමාණයක් විනාශ වෙලා මේ වතු සමාගම් අතරින් දම්රෝ ආයතනය පමනයි එක් වත්තක කර්මාන්ත ශාලාවක් හදලා තියෙන්නේ ඒ පිලිබදව ආඩම්බර විය යුතුයි.

අද සමහර වතු සමාගම් තේ ගස්වලට හරියට පොහොර ටික දාන්නේ නැහැ කරන එකම දේ තමයි දළු ටික කඩන එකයි ගස් ටික කපන එකයි  අපි කියන්නේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කල යුතුයි කියන එකයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories