විදුලිය උත්පාදනය සඳහා ප්‍රමාණවත් ඩීසල් හා දැවි තෙල් තොග ඇත්තේ අද දිනයට පමණක් බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා සඳහන් කළේ, කැලණිතිස්ස බලාගාර සංකීරණයට විදුලිය උත්පාදනය සඳහා ලබාදුන් ඩීසල් තොග අද අවසන් වන බවයි.
සපුගස්කන්ද හා කොළඹ වරායේ පාවෙන බලාගාරය සඳහා දැවි තෙල් ප්‍රමාණවත් වන්නේද අද දිනයට පමණක් බව ඔහු ප්‍රකාශ කළේ ය.
මේ සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුවත් කර ඇති බව විදුලි බල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.