නව රජයේ පළමු අයවැය අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
එහිදී මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පෙරවරු 10.30ට අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පෙබරවාරි 18වනදා සිට මාර්තු 21වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමු කියවීම සඳහා පසුගිය ජනවාරි 09වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
ඒ අනුව එහි දෙවන කියවීමේ විවාදය පෙබරවාරි 18වනදා සිට 25වනදා දක්වා දින 7ක් පැවැත්වීමට නියමිතයි.
අනතුරුව පනත් කෙටුම්පතේ දෙවන කියවීමේ ඡන්ද විමසීම පෙබරවාරි 25වනදා දින සවස 6.00ට පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
විසර්ජන පනත් කෙටුම්පතේ තුන්වන කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21වනදා සවස 6.00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.