වසර කිහිපයක කාලයක් තිස්සේ නිහඩව සිටි මරංචි ජාවාරම්කරුවන් පිරිසක් පදවියේ ගල්වලකින් මතුවන නිධානයක් පෙන්වමින් නැවත ක්‍රියාත්මක වීමත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල ධනවත් ව්‍යාපාරිකයන් රුපියල් ලක්ෂ ගණනින් අහිමිකර ගෙන තිබෙනා බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය අනාවරණය කළේය.

අනුරාධපුර නගරය තිරප්පනය නොච්චියගම කැකිරාව මරදන්කඩවල පදවිය මැදවච්චිය ඇතුළු ප්‍රදේශ වලදි මරංචි ජාවාරම්කරුවන් සිය ජාවාරම සූක්ෂම අන්දමින් සිදුකර තිබෙනා අතර සැකකරුවන් විශාල ප්‍රමාණයක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇතත් විවිධ පුද්ගලයන් ජාවාරම්කරුවන්ගේ උප්පරවැට්ටි වලට අසුවිම නිසා ඔවුන් නොනවත්වා ජාවාරම සිදුකරනා බව පොලිසිය පවසයි.

ගෙවිගිය 2020 වසරේ පමණක් විවිධ පොලිස්වසම් වලින් මරංචි ජාවාරම් කණ්ඩායම සිදුකළ මුදල් වංචා කිරීම් රැසක් පොලිසියට වාර් ථාවි තිබෙනා අතර ජාවාරමුන් පුද්ගලයින් රවටා රුපියල් කෝටි ගණනින් උපයාගෙන තිබෙනා බව පවසයි.

සංවිධානාත්මකවු පිරිසක් එක්ව යකඩ කැබලි වලට රන් ආලේප කරමින් ජාවාරම සිදුකරනා අතර ඊට අමතරව මැණික් දේව පිළිම දියමන්ති ගජමුතු ඇත්දළ පමණක් නොව මුදල් නොට්ටු පවා ව්‍යාජ ලෙස සකසා ධනවතුන් රැවටීම ඔවුන්ගේ ක්‍රමෝපාය බව පොලිසිය පවසයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය ඩී යාය ප්‍රදේශයේ ගල් කොරියකින් විශාල රන් ආභරණ සහිත නිධානයක් හමුවු බව කියමින් පසුගිය කාලය පුරාම සංවිධානාත්මක මරංචි ජාවාරම්කරුවන් පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාපාරිකයන් රවටමින් මුදල් වංචාකර තිබෙනා අතර පදවියේ පිහිටි ගල්වලෙහි හිමිකරු සොයා ඇතැම් ව්‍යාපාරිකයන් එහි ගොස් හිමිකරුට දොස් නගා ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.

පදවිය ඩී යායේ ගල්කොරියක් තියනවා බෝරයක් දාල බලද්දි රත්තරන් කන්දක් හම්බවෙලා රන් කාසි ආභරණ දේව පිළිම විශාල ප්‍රමාණයක් තිබිලා.කාටවත් නොදැනෙන විදියට ඒටික විකුණ ගන්න අපිට ඕනවෙලා තියනවා.අඩුවට දෙනවා රන් කාසි ටික යනුවෙන් පවසමින් විවිධ පුද්ගලයන් මාර් ගයෙන් හදුනා ගන්නා පිරිස් ජාවාරමුන් රවටා ඇති බව පොලිසිය පවසයි.

පදවිය ඩී යායේ ගල්කොරිය හිමි පුද්ගලයා හමුවට රන්කාසි මිලදි ගෙන මුදල් අහිමිකරගත් විශාල පිරිසක් ගොස් දොස් නගා තිබෙනා අතර ඔහු පවසා ඇත්තේ තමන්ගේ ගල්කොරියෙන් කිසිදු අවස්ථාවක රන් ආභරණ හමුනොවු බවයි.මහත්තයා කීප දෙනෙක්ම ඔය කතාව කියාගෙන මාව හම්බවෙන්න ඇවිල්ලා දොස් කිවුවා.

මම මොනවා කරන්ද?මම අවුරුදු ගානක් මේ කලුගලක් එක්ක ඔට්ටු වෙන්න ඕනද ඔහොම රත්තරන් තොගයක් හමුවුනා නම් යනුවෙන් ඔහු එහි ගිය පිරිස්වලට මෙන්ම පරික්ෂන සිදුකරනා පොලිසියටත් පවසා තිබේ.

රන් කහවනු වී ඇට කරවිල ඇට විවිධ රූප සහිත රන් කාසි ඉපැරණි දේවපිළිම බුදුපිළිම මැණික් ගල් ගජමුතු දියමන්ති ඇත්දළ ඇතුළු කිසිදු දෙයක් ජාවාරමුන් සතුව නැති බව පවසන පොලිසිය ඒවා ජාවාරම්කරුවන් එක්ව යකඩ ඇළුමිනියම් වැනි ලෝහ වලින් මෙන්ම සිත්තටික් ගල් වලින් සකසන ඒවා බව පොලිසිය පවසයි.

මරංචි ජාවාරම්කරුවන් පුවත්පත්වල ඇති විවිධ දැන්විම් වල දුරකථන අංක වලට වැරදුණු ආකාරයට ඇමතුම් ලබාදි පසුව හිතවත් කම් ඇතිකර ගෙන ගොවියන් කම්කරුවන් ලෙස ඔවුන් සමග කථා බස් කර ඉතා සූක්ෂමව ජාවාරම සිදුකරනා බව පොලිසිය පවසයි.

නිදන් වලින් ලැබුණු කිසිවක් අනුරාධපුර පොලිස් කොට්ඨාශයේ නැති බවත් මෙවැනි මරංචි ජාවාරම්කරුවන්ගේ බසට අසුවි තමන් දුක් මහන්සියෙන් උපයාගත් මුදල් විනාශ කර නොගන්නා ලෙස පොලිසිය දැනුම් දෙයි.

අනුරාධපුර මධ්‍යම විශේෂ – බී.එම්.විජේසුරිය

More Stories