ernst & young sri lanka lee young ae young goku young sheldon season 7

පාසල් දරුවන් ඇතුළු තරුණ පිරිස ඉලක්ක කරමින් විවිධ මත් ද්‍රව්‍ය විකිනිම වර්ධණය විමත් සමග මේ රටේ තරුණ පරපුර විනාශයට පත් විමේ අවදානමක් පවතින බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.
හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා මෙසේද පවසන ලදි.

මේ වන විට කදුකර‍යේ පාසල් දරුවන් මෙන්ම තරුණ පිරිස ඉලක්ක කරමින් සමහර පුද්ගලයන් විසින් විවිධ මත් ද්‍රව්‍ය විකිනිම සිදු කරන බවට විවිධ ආරංචි ලැබෙනවා එමෙන්ම මේ වන විට සමහර පාසල් දරුවන් මෙන්ම සමහර තරුණ පිරිස් විවිධ මත් ද්‍රව්‍ය බාවිතයට පෙලබි ඇති බවටත් තොරතුරු ලැබෙනවා .
මෙය ඉතාමත් කනගාටු දායක තත්වයක් මොකද මේ තරුණ පිරිස මෙන්ම අද පාසල් යන දරුවන් තමයි මේ රටේ අනාගතය මේ අනාගතය බාර ගන්න ඉන්න මේ පිරිස මෙසේ මත් ද්‍රව්‍ය බාවිතයෙන් විනාශයට පත්වු විට මේ රටේ අනාගතයට මොකද වෙන්නේ.

අපිට දැන ගන්න ලැබුනා මේ හැටන් ප්‍රදේශයේ එන්. සි. නමින් හදුන්වන මත් ද්‍රව්‍ය විශාල ප්‍රමානයක් හැටන් පොලිසියේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගත් බව එය ඉතා හොද දෙයක් මොකද එම මත් ද්‍රව්‍ය එසේ අත් අඩංගුවට ගැනිමට නොහැකි වුනානම් එය මේ ප්‍රදේශයේ පිරිස් අතර තමයි අලෙවි වන්නේ එම නිසා එම වැටලිම කල පොලිස් නිලධාරින්ට අපගේ ප්‍රනාමය පුද කල යුතුයි.

මෙම මත් උවදුරින් පාසල් දරුවන් මෙන්ම තරුණ පරපුර බේරා ගැනිම සදහා අපි සියළුම දෙනා එකට එක් විය යුතුයි එසේ නොමැති වුවහොත් සිදු වන්නේ එම අයගේ සුන්දර ජිවිතය විනාශවිමක් මෙන්ම මේ රටේ අනාගතයද විනාශ විමයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories