stop-job hirunews

වෙළදසැල්වල ඉවතලන කසල රැගෙන යාම සදහා මුදල් ලබා ගැනිමට තැත්කල හැටන් දික්ඔය නගර සභාවේ කම්කරුවකුගේ සේවය අත් හිටුවිමට එම නගර සභා බලධාරින් පියවර ගෙන ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරියකු පවසන ලද්දේ ක්ලින් ශ්‍රිලංකා වැඩ සටහන හැටන් නගරයේ ක්‍රියාත්මක වෙමින් පවතින විට නගරයේ වෙළදසැලකින් ඉවත දමන කසල රැගෙන යාම සදහා නගර සභාවේ සේවය කරන කම්කරුවකු මුදල් ලබා ගැනිමට තැත් කර ඇති බවත්ය.
මෙසේ මුදල් ඉල්ලිම පිලිබදව කරන ලද විමර්ෂවලදි එය නිසි ලෙස එම තත්වයන් අනාවරණය විමත් සමග එසේ මුදල් ලබා ගැනිමට තැත් කල කම්කරුවාගේ සේවය අත් හිටුවිමට පියවර ගෙන ඇති බවත් නගර සභාවේ සේවය කරන කිසිම කම්කරුවකුට කසල රැගෙන යාම සදහා වෙළද සැලකින් හෝ නිවසකින් මුදල් ලබා ගැනිම මුලුමනින්ම තහනම් කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

More Stories