පාපැදියෙන් රැකියාවට යන ලෙස කියා ආණ්ඩුව ජනතාවට යෝජනා කරන බවත්, එහෙත් එසේ යෝජනා කරන පුද්ගලයන් ගමන් යනුයේ V8 වැනි සුඛෝපභෝගී මෝටර් රථවල බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසීය.
මේ වන විට “තරගෙට මෙන්” රාජ්‍ය ආයතනවල සභාපතිවරු ඉල්ලා අස්වෙන බවත්, එසේ අස්වන්නේ හොරකම, අල්ලස, දූෂණය, වංචාව එම ආයතන තුළ පවතින නිසා බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
“අද අපිට තමයි හොඳටම කරන්න පුළුවන් කියල ආණ්ඩුවත් කියනවා, තවත් පාර්ශ්වත් කියනවා. ඒගොල්ලන්ටලු රටේ ප්‍රශ්න හොඳටම විසඳන්න පුළුවන්. බොහොම හොඳයි. එහෙනම් ඒක ක්‍රියාවෙන් ඔප්පු කරන්න. මේ ආණ්ඩුව සංදර්ශනවලට දක්ෂයි.
කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරනවා. නමුත් අදටත් මේ රටේ දරුවන් අධ්‍යාපන කටයුතුවලට සිග්නල් නැතුව වහලවල් උඩට නගිනවා” යැයි හෙතෙම පැවසීය.