විදුලි සැර වැදීමෙන් හා හක්කපටස් පිපිරීමෙන් වැලිකන්ද හා දිඹුලාගල ස්ථාන 3ක  වන අලි තිදෙනෙකු මියගොස් සිටිය දී සොයා ගත් බව වනජීවී නිලධාරිහු පවසති.

වැලිකන්ද අසේලපුර හා කාසන්වැව අසල විදුලි සැර වැදීමෙන් අලි දෙදෙනෙකු මියගොස් ඇති අතර අනෙක් අලියා දිඹුලාගල මගුල්දමන ප්‍රදේශයේ හක්කපටස් කෑමෙන් තුවාල ලබා මියගොස් ඇත.

වැලිකන්ද කාසන්වැව අසල සඳුන් වගාවක්  සහිත ඉඩමක් ආසන්නයේ මියගොස් සිටි අලියා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති බවත් වයස අවුරුදු 20ක් පමණ වන පිරිමි සතෙකු බවත් වනජීවී පශු වෛද්‍ය සමීර කලිඟු ආරච්චි මහතා පැවසීය.අසේලපුර  මියගොස් ඇත්තේ වයස අවුරුදු 25ක පමණ වන පිරිමි සතෙකි.එම අලියාත් විදුලි සැර වැදීමෙන් මියගොස් සිටි බව පශ්චාත් මරණ පරික්ෂණයේ දී අනාවරණය වී ඇතැයි වෛද්‍ය සමීර කලිඟු ආරච්චි මහතා වැඩි දුරටත් කීය.

කෙසේ වෙතත් හක්කපටස් කෑමෙන් මියගිය අලියා සිටින දිඹුලාගල, මගුල්දමන,  වන ලැහැබ  ජලයෙන් යටවී ඇති බවත් පශ්චාත්මරණ පරික්ෂණය සිදු කිරීමට නිහැකි වූ බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය.

විදුලි සැර වැදීමෙන් මියගිය අලි දෙදෙනා ඝතනය සම්බන්ධයෙන් පරික්ෂණ අරඹා ඇති බවත් සැකකරුවන් අත අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවත් පොලොන්නරුව කළාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ කීර්ති චන්ද්‍රරත්න මහතා පෑවසීය.

ඊෂා  මුදියන්සේ –  පොලොන්නරුව

More Stories