anathura

හිතවතෙකුගේ දානමය පිංකමකට සහභාගිවි නැවත නිවසට ගමන් හිටපු යුද හමුදා සෙබළෙකු හා ගොවියෙකු යතුරු පැදිය අපරික්ෂාකාරිව ප්‍රධාන මාර්ගයට ධාවනය කළ අවස්ථාවේ මගී බස් රථයක ගැටි සිදුවු මාරක රිය අනතුරකින් බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්වි ඇති බව පරසන්ගස්වැව පොලිසියේ රථවාහන අංශය පවසයි.

ඊයේ (23දා) සවස අනුරාධපුර රඹෑව ප්‍රධාන මාර්ගයේ සදමල්ගම ප්‍රදේශයේදි සිදුවු මාරක රිය අනතුරෙන් බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්වි ඇත්තේ පරසන්ගස්වැව පොලිස්වසමේ සදමල්ගම රඹෑව ලිපිනයේ පදිංචිව සිටි 42 හැවරදි විශ්‍රාමික යුද හමුදා සෙබළ දෙදරු පියෙකුවූ මංජුල සුදේශ් සුබසිංහ හා 58 හැවරදි එස්.ගුණපාල තිදරු පියායි.

ඔවුන් දානමය පිංකමකට සහභාගිවි යතුරු පැදියෙන් නිවසට ගමන් කර තිබෙනා බවත් ඔවුන් දෙදෙනා අතුරු මාර්ගයකින් පැමිණ එක්වරම රඹෑව අනුරාධපුර ප්‍රධාන මාර්ගයට යතුරු පැදිය ධාවනය කරනවාත් සමගම අනුරාධපුර සිට වව්නියාව දක්වා ධාවනයවූ පෞද්ගලික මගී බස් රථයේ ඉදිරිපස ගැටී දරුණු අනතුර සිදුව තිබෙනා බව පොලිසිය පවසයි.

අනතුරට ලක්වු දෙදෙනා අනතුර සිදුවු ස්ථානයේ සිට මීටර් තිහක් පමණ දුරට වීසිවි ගොස් ඇදවැටි බරපතල තුවාල ලබා ඇති බවත් ඔවුන් දෙදෙනාම ආරක්ෂිත හිස් වැසුම් (හෙල්මට්) අනතුර සිදුවන අවස්ථාවේ පැලද නොසිටි බවත් පරික්ෂණ පවත්වන පොලිසිය පවසයි.මරණකරුවන් දෙදෙනාම පිංකම් නිවසට ගොස් පසුව මත්පැන් පානයකර සිටින්නට ඇති බවට පොලිසිය සැකපහල කරයි.

බරපතල තුවාල ලැබු දෙදෙනාව කඩිනමින් ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙනවිත් ඇතත් ඔවුන් ඒ වනවිටත් මියගොස් සිටි බව රෝහල පවසයි.මරණකරුවන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරික්ෂණයන් අද (24දා) අනුරාධපුර ශික්ෂණ රෝහල් මෘත ශරිරාගාරයේදි පැවත්විමට නියමිතව තිබුණි.

පරසන්ගස්වැව පොලිසියේ රථවාහන අංශය මගින් අනතුර සිදුකළ බස් රථ රියදුරා අපරික්ෂාකාරිව රිය ධාවනය මාරක රිය අනතුරක් සිදුකිරීම අනතුරක් වලක්වා නොගැනීම සාවධ්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයන් සිදුකිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට (24දා) දහවල් ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories