එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට (UNHRC) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මධ්‍යගත කණ්ඩායම ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය.

ඡන්ද විමසීමේදී යුරෝපා ඇතුළු රටවල් 22 ක් යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කර තිබේ.

යෝජනාවට විපක්ෂව එනම් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය භාවිත කළේ, චීනය ඇතුළු රටවල් 11 ක් පමණි.

ඉන්දියාව හා ජපානය ඇතුළු රටවල් 14 ක් යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියේ ය.

ඔවුන් යෝජනාවෙන් පෙන්වා දුන්නේ වගවීම, යුක්තිය ඉටු කිරීමට සහ සංහිඳියාව වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකාව පුළුල් ක්‍රියාමාර්ගගත යුතු බවටයි.

More Stories