Super Simple Songs preschool song rhymes tidying up toys nursery Clean up Clean up song tidy up song nursery rhyme

මෙරට දරිද්‍රතාවය පිටුදැකීම, ඩිජිටල්කරණය සහ Clean Sri Lanka වැඩසටහන සම්බන්ධයෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ එක්සත් ජාතින්ගේ ඇගයීමට ලක්ව තිබේ.

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය සම්බන්ධීකාරක Marc-Andre Franche මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ඒ බව සඳහන් වූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.

එහිදී මෙරට සංවර්ධන ප්‍රමුඛතා ප්‍රධාන අංශයන් කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර පවතින සහයෝගීතාවය පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක්ව ඇති අතර සෞඛ්‍යය, අධ්‍යාපනය, කෘෂිකර්මය, දේශගුණික විපර්යාස, සාමය ගොඩනැගීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇතුළු ප්‍රධාන අංශ නවයක් කෙරෙහි ද අවධානය යොමුව තිබේ.

වත්මන් සහ ඉදිරියේදී පැනනගින අභියෝග සඳහා ඒකාබද්ධ විසඳුම් සෙවීම පිළිබඳව අදාළ සාකච්ඡාවේදී දෙපාර්ශ්වයම අදහස් හුවමාරු කරගත් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ශක්තිමත් කිරීමේදී දේශපාලන බලමුලු ගැන්වීමේ කාර්යභාරය අවධාරණය කරමින් අපේක්ෂකයින් ලෙස පමණක් නොව ක්‍රියාකාරී ඡන්ද දායකයින් ලෙසද දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ දෙපාර්ශ්වයේ අවධානය යොමුව තිබේ.

More Stories