කොවිඩ් 19 දෙවන රැල්ල ආරම්භයත් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාධිතයන් ප්‍රමාණය ඊයේ (11දා) වනවිට 107දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.

වව්නියාව රෝහලට යොමුකළ කැබිතිගොල්ලෑවේ පදිංචි පිරිවෙන් අධ්‍යාපනය ලැබූ සිසුවෙකු හා අනුරාධපුර පුබුදුපුර ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ දෙදෙනෙකුට කොවිඩ් ආසාධනයවි ඇති බව එම ඒකකය සදහන් කරයි.පෙරේදා (10දා)දිනයේ රෝගින් 105 වශයෙන් සදහන්වූවත් එම ප්‍රමාණය 104ක් බවත් මුළු සංඛ්‍යාව 107ක් බව එම ඒකකය වැඩිදුරටත් සදහන් කළේය.

අනුරාධපුර කොවිඩ් අවධානම දිනෙන් දින ඉහළට යෑම නිසා සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම භාවිතා අකුරට පිළිපැදීම රෝගයෙන් ආරක්ෂාවිමට හොදම මගබව වෛද්‍ය තේජන සෝමතිලක මහතා පැවසුවේය.ඒ සම්බන්ධයෙන් දිනමිණ වෛද්‍යවරයාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි මෙසේ පැවසුවේය.

රැකියා කරන ස්ථානයට කොවිඩ් රෝග ලක්ෂණ වන කැස්ස උණ සෙම්ප්‍රතිශ්‍යාව සහිත අයෙක්ට ඇතුල් වන්න දෙන්න හොද නෑ.මේ අවස්ථාවේ එහෙම අයෙක් ඇතුළු වුනොත් එයට විරෝධය පල කරන්න පුළුවන්.සෙසු අයට ඊට අයිතියක් තියනවා.බොහෝ ආයතනික මට්ටමේ පොකුරු නිර් මානය වීමට හේතුව රෝග ලක්ෂණ සහිත අය සේවයට වාර් ථා කිරීමයි.

කොරෝනා දෙවෙනි රැල්ලේ අනුරාධපුර 104 වැනි රෝගියා තඹුත්තේගම මුසල්පිටියෙන් හමුවුනා.ඇය තඹුත්තේගම ඇගළුම් කම්හලක සේවිකාවක් වන අතර එම ආයතනයේ තවත් කීපදෙනෙක් ඇගපත වේදනාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා.සමහර ආයතනවල ප්‍රධානින්ට උපදෙස් දුන්නාට ඔවුන් රෝග ලක්ෂණ තියෙන අයෙම වැඩට ගෙන්වා ගන්නවා.

මගේ හොදම සේවකයා එයා එයා නැතුව වැඩකරන්න බෑ කියලා.මේ තත්වයට ගියොත් මේ රෝගය පාලනයට සෞඛ්‍ය අංශ ගන්න උත්සාහයත් අපතේ යයි.

ඒ නිසා දෙන උපදෙස් පිළිපදින්න.අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් ආරම්භය හොද විධියට ආරම්භ වෙලා තියනවා.විභාග පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානයේ කිසිම ප්‍රශ්නයක් නෑ.මධ්‍යස්ථානයේ ඒකක වහලා නෑ.සේවයේ නියුතු අය අනියත බිය නිසා සේවයට වාර් ථා කරලා නෑ යනුවෙන් වෛද්‍ය තේජන මහතා පැවසුවේය.

අනුරාධපුර මධ්‍යම විශේෂ – බී.මහේෂ් විජේසුරිය

More Stories