today batti news

මහ කන්නයේ වගා හානිය කුඹුරු අක්කර 35,000 කට වැඩි නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දිවයින පුරා ගොවිජන සංවර්ධන නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය.

ඇතැම් දිස්ත්‍රික්කවල තවමත් වර්ෂා තත්ත්වයක් පවතින නිසා හානිය සත්‍ය වශයෙන්ම තක්සේරු කළ නොහැකි බව ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීන් අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.

අධික වාර්ෂාව නිසා හානියට පත්ව ඇති වගා කළ කුඹුරු ඉඩම්වල හානිය තක්සේරු කොට එම ඉඩම් හිමි ගොවීන්ට සහන ලබා දීමට රජය තීරණය කර තිබේ.

යාපනය, කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රීක්කයන්හි එලවළු වගාවන් සිදු නොකිරීම මත උතුරේ එළවළු මිල ගණන් සීග්‍ර‍යෙන් වැඩිවී ඇතැයි උතුරේ එළවළු වෙළෙන්ඳන් පවසති.

මෙම තත්වයන් යටතේ උතුරු පළාතටද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් එළවළු ප්‍රවාහනය කිරීමට සිදුවීම හේතුවෙන් එළවළු මිල ගණන් මෙලෙස ඉහළ ගොස් ඇත.

තක්කාලී කිලෝවක් රුපියල් 350, මාළුමිරිස් රුපියල් 320, කැරට් රුපියල් 340 , ලීක්ස් රුපියල් 350, වම්බටු රුපියල් 330 කට, බොංචි රුපියල් 380 ට, මාළුමිරිස් 370 කට මේ ආදි වශයෙන් සියලුම එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති බවට වෙළෙන්ඳන් පැවසූහ.

ඉදිරියේදී එළවළු මිල තවත් ඉහල යාමේ අවධානමක්ද පවතින බව උතුරේ එළවළු වෙළෙන්දන් වැඩිදුරටත් පැවසීය.

 

 

More Stories